කිහිප වරක්ම ඈ මා දෙස නෙත් කොනින් බැලූ නමුත් මා ඈ දෙස බලන විට ඈ මා නොදැක්කා මෙන් සිටියේ මාගේ සිතෙහි ඈ කෙරෙහි තිබූ තුවාලය තවත් පාරවමිනි.
මා හදෙහි ඇතිවූ කිසිවක් කීමට මා හට කිසි කෙනෙකු නැත. පන්තියේ කිසිදු මිතුරෙකුටද ඒ බව කීමට මා තුල කිසියම්හෝ කැමැත්තක් නොවීය. එයට ප්‍රධනම හේතුව වූයේ මෙවන් සිතුවිලි ඔවුනට තාම දැනී නොතිබීමයි. මේ පිලිඹඳ ඔවුනට කිවහොත් මා හට උසුලු විසුලු කරන බව නොඅනුමානය.
ඈ එයින් පිටවූ පසු මමද ආවෙමි. බඩු ලයිස්තුවේ තිබුනු යම් යම් අඩුම කුඩුම කිහිපයක් මිලදී ගැනීමට මට අමතක විය. එහෙත් එය මතක් වූයේ ගෙදරට අඩිය තියනවාත් සමගය. අම්මා මේ පිලිඹඳ දැනගත් විගස මා හට විසුමක් නොලැබෙන බව නොඅනුමානය. මොහොතකට පසු සිතූ පරිදිම ඇගේ කන්දොස්ගිරියාව තොරතෝන්චියක් නැතිව පටන් ගත්තේය. එහෙත් එය මට මිහිරි ගීතයක් විය. මන්ද නොසිතූ විරූ වේලාවක මාහට ඇගේ රුව දැකීමට හැකි වීමයි.
නත්තලද සතුටින් නිම විය. ඈ කෙරෙහි මාතුල වූ හැගීමද යම් යම් මොහොතක මුහුදේ රළ මෙන් පෙන නගිමින් උඩ පනින්නට විය.
එහෙත් මාහට වූයේ ඉතා විශාල ප්‍රශ්ණයකි. ඒ මා හට ඇති වූයේ ආදරයක්ද, නැත්නම් අනුකම්පාවක් හෝ ආකර්ශනයක්ද යන්නය.
රාත්‍රී කිහිපයක්ම ගෙවුනේ ඈ පිලිඹඳව සිහිනෙන් දැකීමේ ආශාවෙනි. එහෙත් මා හට කිසිදු හීනයක් නොපෙනුනේ සාමන්‍යන් මට සිහින නොපෙනන නිසවෙනි. එහෙත් දුකට හේතුව වූයේ නිවඩු කාලය අවසන් වන තෙක් මාහට ඇය නැවත කිසි දිනක නැවත හමු නොවූ නිසයි. 11 වන ශ්‍රේණියේ පළමු වාරය පටන් ගැනීමේ දිනය එලඹින. මාගේ හිතේ දැඩි අදිශ්ඨාන දෙකක් විය.
මා මේ පය තබනුයේ මාගේ ජීවිතයේ එක් කඩ ඉමක් වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දීමට තිබෙන වර්ෂයටය. එමෙන්ම මාගේ හදෙහි කොනක වූ ඈ දැකීම සඳහාද මා සිත තුල වූයේ දැඩි ආශාවකි. අලුත් පන්තියට ගමන් කල මා නව අවුරුද්දෙ වැඩ කටයුතු ආරම්භ කලේ සාමන්‍ය පෙල ඉතා විශිෂ්ට ලෙස සමත් වීමේ බලාපොරොත්තු ඇතිවය. පාසල අවසන් විය. ඉක්මනින් මා කාරය වෙත දිව ගියේ ඇය දැකීමට තිබූ මහත් ආශාවෙනි. ඇයගේ පාසල අසලට පැමිනියෙමි. එහෙත් ඇය එහි පෙනෙන්නට සිටියේ නැත. මට ඇති වූ දුක මේතකැයි කියා කීමට නොහැක. මා හට දැන් ඇය නොදැක සිටීම පවා ඉතා අසීරු කරුනක් වී තිබින. එලෙස දින කිහිපයක් ගතවිය.

0 comments:

Post a Comment