
නැවතත් සුන්දර වූ මනරම් දිනයක් එලඹින. පාසල අවසන් වී පැමිනෙන මා ඇස ගැටුනේ ඇයයි. ඈ වෙනදා සිටින තැන නොව වෙනත් තැනකට වී සිටියාය. ඈ දෙස මා බලන විට ඈද මා දෙස නෙත් යොමා බැලුවේ සිනහවක්ද සමගින්ය. මාර්ගයේ කිසිදු තදබදයක් නොවීය. එම නිස මා ඈ මොහොතකින් පසුකර ගියේ සතුට පිරි දුකක්ද සමඟය. ඒ ඈ දින ගනනාවකට පසු දැකීමද එය මොහොතකින් අවසන්වීමත් නිසාය.
කිරිකෝඩු ආදරයක් දරන කිරිකෝඩු සිතට දිනෙන් දින මාත් සමඟ වැඩෙන්නට වූයේ අප කිසිවකුගේත් අනුබලයකින් තොරවය. 11වන ශ්‍රේණියේ පලමු හා දෙවන වාරයන්හිදී මාගේ ප්‍රගති වාර්තා පොතෙහි සුලු බැස්මක් දක්නට ලැබුනේය.
එහෙත් මා තවම ඇය පිළිඹඳව හෝ ඈ මා පිලිඹඳ කිසිවක් දෙන සිටියේ නැත. එහත් මා ඈ හට සොහොයුරෙක් සිටින බව දන්නේමි. එමෙන්ම මා හිතෙහි තවත් කුකුසක් විය. ඒ මා හට ඈ කෙරෙහි ඇතිවූ හැගීම ඈට මා පිළිඹඳ ඇති වූයේද යන්න්යි. රැයත් දවාලත් එක ලෙස ගෙවුනි. අදුරට පහනක් වූ ඈ මාගේ සිතට හිම කැටයක් විය. ඒ සියල්ල අවසන් කර අමතක කලේ සාමන්‍ය පෙල ව්භාගය අත ලඟ වූ නිසාය. ඒ සඳහා තව මාස 3ක් පමණ විය. 11 ශ්‍රේණියේ අවසාන වාර ව්භාගයද පැවතින. එහිදී මට ඉතා ඉහල ලකුණු ලබා ගැනීමට හැකි විය. සාමාන්‍ය පෙල විභාගයේ පලමුව යෙදී තිබුනේ ඉංග්‍රීසි සාහිත්‍යයි. එහෙත් මා එදින පාසලට යන අතර තුරදී ඈ දුටුවේ සිත කුල්මත් කරමිනි. එදින අතර තුරදී මා හට ඇය කිහිප වරක් මතක් විය. එහෙත් ඉන් ඊලඟ දවස් කිහිපය තුල මා ඈ නොදුටු අතර එම දිනයන්හිදි හොදින් විභාගය කරගෙන ගියෙමි.
මා විභාගය අවසන් වූ දින ගමන් කලේ බස් රථයෙනි. මන්ද විභාගය අවසන් වී යහලුවන් සමඟ විනෝද වූ නිසාය. මා පේරාදෙණිය බස් රියක නැග්ගෙමි. මා අසුනක ඉඳගත් අතර එහි වූ අනෙක් අසුනේ තරමක වයස්ගත කාන්තාවක් ඉද ගත්තාය. එම කාන්තාව මා සිත් ගත් කුමාරිකාව වෙනදාට සිටින තැනින් බැස්සාය. මා ඇස් ඇදහිය නොහැකි විය. ඒ ඇයයි. ඔව් ඒ ඈමයි. මා සිටි බස් රථයට ඈ ගොඩවින. මා ඇස් ඇදහිය නොහැකි විය. සිතට නැගුනු සතුට මෙතකයි කියා නිම කල නොහැක. දැන් මා එක දෙයක් දනිමි. ඒ ඈ අපේ වයසේ බවයි.
මා ඈ මුල් වරට දුටු දිනයේ සිට මේ වන තෙක් ඈ කිසි ලෙසකින් වෙනස් වී නැත. නිල් පැහැති මල්ලක් එල්ලගෙන ෆය්ල් කවරයක් තුරුල් කරගත් ඈ මා සමඟ සිනාසී මා අසල වූ අසුනෙහි හිඳ ගත්තාය. බසයෙහි වෙනත් තැන් වල හිස් අසුන් තිබුනද ඈ මා ලඟ වූ අසුනෙහිම ඉදගත්තේ මන්ද? මාගේ හිතෙහි තිබු දෙය ඇයගේ සිතෙත් හටගෙනද? මාගේ හිත එහෙ මෙහෙ දුවන්නට විය. ඈ සමඟ කතා කිරීමට අවශ්‍ය වූවද හිත එපා කියයි. මා මීට පෙර නොදන්නා කෙල්ලෙකු කෙසේ වෙතත් දන්න කෙල්ලෙකු සමගවත් කත කර නොමැත. අත්‍යාවශයම කාරනයකට දෙතුන් වතාවක් එලෙස කතා කර ඇත. මා බැසිය යුතු ස්ථානය පසු වූයේ මා නොදැනුවත්වමය.
ඈ පේරාදෙනියෙන් බසයෙන් බැස්සාය. මමද ඈ සමඟ බසයෙන් බැස්සෙමි. මා වට පිට සෝදිසි කලෙමි. මන්ද මා අදුරන කවුරුන් හෝ සිටීද බැලීමටය. මා නැවත ඈ වෙත හැරෙත්ම ඈ අතුරුදන් වී ඇත. ඒ අසල වූ කඩ කිහිපයකටත් බස් කිහිපයකටත් ඔලුව දමා බැලූ නමුත් ඈ සොයා ගැනීමට මට නොහැකි විය.
නැවත වෙනත් බස් රියක නැගුනු මා නිවස කරා පැමිනියේ මහත් වූ සතුටකිනි. ඒ විභාගය අවසන් වීමත් ඈ මා නෙතු ගැටීමත් නිසාය. මුලු සවස් යාමය පුරාම ඇගේ රූපය මා නෙත් යොමනා සැම තැනම දක්නට ලැබුනේ මා සිත කුල්මත් කරවමින්ය.
ඉතාමත් විනෝදයෙන් දින කිහිපයක්ම ගත කලේ පාඩම් කිරීමද අවසන් වූ නිසයි. මා හොදින් සාමන්‍ය පෙල විභාගයට මුහුන දුන්නෙමි. එහෙයින් මා හට විශිෂ්ථ ප්‍රතිඵල ඇති බවද සහතිකය. එහෙත් පලමු දින විභාගයට යනවිට ඈ දුටු නිසා එදින තිබූ විෂය ගැන මා හට කිසිදු හැඟීමක් නැත.