නැවතත් සුන්දර වූ මනරම් දිනයක් එලඹින. පාසල අවසන් වී පැමිනෙන මා ඇස ගැටුනේ ඇයයි. ඈ වෙනදා සිටින තැන නොව වෙනත් තැනකට වී සිටියාය. ඈ දෙස මා බලන විට ඈද මා දෙස නෙත් යොමා බැලුවේ සිනහවක්ද සමගින්ය. මාර්ගයේ කිසිදු තදබදයක් නොවීය. එම නිස මා ඈ මොහොතකින් පසුකර ගියේ සතුට පිරි දුකක්ද සමඟය. ඒ ඈ දින ගනනාවකට පසු දැකීමද එය මොහොතකින් අවසන්වීමත් නිසාය.
කිරිකෝඩු ආදරයක් දරන කිරිකෝඩු සිතට දිනෙන් දින මාත් සමඟ වැඩෙන්නට වූයේ අප කිසිවකුගේත් අනුබලයකින් තොරවය. 11වන ශ්‍රේණියේ පලමු හා දෙවන වාරයන්හිදී මාගේ ප්‍රගති වාර්තා පොතෙහි සුලු බැස්මක් දක්නට ලැබුනේය.
එහෙත් මා තවම ඇය පිළිඹඳව හෝ ඈ මා පිලිඹඳ කිසිවක් දෙන සිටියේ නැත. එහත් මා ඈ හට සොහොයුරෙක් සිටින බව දන්නේමි. එමෙන්ම මා හිතෙහි තවත් කුකුසක් විය. ඒ මා හට ඈ කෙරෙහි ඇතිවූ හැගීම ඈට මා පිළිඹඳ ඇති වූයේද යන්න්යි. රැයත් දවාලත් එක ලෙස ගෙවුනි. අදුරට පහනක් වූ ඈ මාගේ සිතට හිම කැටයක් විය. ඒ සියල්ල අවසන් කර අමතක කලේ සාමන්‍ය පෙල ව්භාගය අත ලඟ වූ නිසාය. ඒ සඳහා තව මාස 3ක් පමණ විය. 11 ශ්‍රේණියේ අවසාන වාර ව්භාගයද පැවතින. එහිදී මට ඉතා ඉහල ලකුණු ලබා ගැනීමට හැකි විය. සාමාන්‍ය පෙල විභාගයේ පලමුව යෙදී තිබුනේ ඉංග්‍රීසි සාහිත්‍යයි. එහෙත් මා එදින පාසලට යන අතර තුරදී ඈ දුටුවේ සිත කුල්මත් කරමිනි. එදින අතර තුරදී මා හට ඇය කිහිප වරක් මතක් විය. එහෙත් ඉන් ඊලඟ දවස් කිහිපය තුල මා ඈ නොදුටු අතර එම දිනයන්හිදි හොදින් විභාගය කරගෙන ගියෙමි.
මා විභාගය අවසන් වූ දින ගමන් කලේ බස් රථයෙනි. මන්ද විභාගය අවසන් වී යහලුවන් සමඟ විනෝද වූ නිසාය. මා පේරාදෙණිය බස් රියක නැග්ගෙමි. මා අසුනක ඉඳගත් අතර එහි වූ අනෙක් අසුනේ තරමක වයස්ගත කාන්තාවක් ඉද ගත්තාය. එම කාන්තාව මා සිත් ගත් කුමාරිකාව වෙනදාට සිටින තැනින් බැස්සාය. මා ඇස් ඇදහිය නොහැකි විය. ඒ ඇයයි. ඔව් ඒ ඈමයි. මා සිටි බස් රථයට ඈ ගොඩවින. මා ඇස් ඇදහිය නොහැකි විය. සිතට නැගුනු සතුට මෙතකයි කියා නිම කල නොහැක. දැන් මා එක දෙයක් දනිමි. ඒ ඈ අපේ වයසේ බවයි.
මා ඈ මුල් වරට දුටු දිනයේ සිට මේ වන තෙක් ඈ කිසි ලෙසකින් වෙනස් වී නැත. නිල් පැහැති මල්ලක් එල්ලගෙන ෆය්ල් කවරයක් තුරුල් කරගත් ඈ මා සමඟ සිනාසී මා අසල වූ අසුනෙහි හිඳ ගත්තාය. බසයෙහි වෙනත් තැන් වල හිස් අසුන් තිබුනද ඈ මා ලඟ වූ අසුනෙහිම ඉදගත්තේ මන්ද? මාගේ හිතෙහි තිබු දෙය ඇයගේ සිතෙත් හටගෙනද? මාගේ හිත එහෙ මෙහෙ දුවන්නට විය. ඈ සමඟ කතා කිරීමට අවශ්‍ය වූවද හිත එපා කියයි. මා මීට පෙර නොදන්නා කෙල්ලෙකු කෙසේ වෙතත් දන්න කෙල්ලෙකු සමගවත් කත කර නොමැත. අත්‍යාවශයම කාරනයකට දෙතුන් වතාවක් එලෙස කතා කර ඇත. මා බැසිය යුතු ස්ථානය පසු වූයේ මා නොදැනුවත්වමය.

ඈ පේරාදෙනියෙන් බසයෙන් බැස්සාය. මමද ඈ සමඟ බසයෙන් බැස්සෙමි. මා වට පිට සෝදිසි කලෙමි. මන්ද මා අදුරන කවුරුන් හෝ සිටීද බැලීමටය. මා නැවත ඈ වෙත හැරෙත්ම ඈ අතුරුදන් වී ඇත. ඒ අසල වූ කඩ කිහිපයකටත් බස් කිහිපයකටත් ඔලුව දමා බැලූ නමුත් ඈ සොයා ගැනීමට මට නොහැකි විය.
නැවත වෙනත් බස් රියක නැගුනු මා නිවස කරා පැමිනියේ මහත් වූ සතුටකිනි. ඒ විභාගය අවසන් වීමත් ඈ මා නෙතු ගැටීමත් නිසාය. මුලු සවස් යාමය පුරාම ඇගේ රූපය මා නෙත් යොමනා සැම තැනම දක්නට ලැබුනේ මා සිත කුල්මත් කරවමින්ය.
ඉතාමත් විනෝදයෙන් දින කිහිපයක්ම ගත කලේ පාඩම් කිරීමද අවසන් වූ නිසයි. මා හොදින් සාමන්‍ය පෙල විභාගයට මුහුන දුන්නෙමි. එහෙයින් මා හට විශිෂ්ථ ප්‍රතිඵල ඇති බවද සහතිකය. එහෙත් පලමු දින විභාගයට යනවිට ඈ දුටු නිසා එදින තිබූ විෂය ගැන මා හට කිසිදු හැඟීමක් නැත.

කිහිප වරක්ම ඈ මා දෙස නෙත් කොනින් බැලූ නමුත් මා ඈ දෙස බලන විට ඈ මා නොදැක්කා මෙන් සිටියේ මාගේ සිතෙහි ඈ කෙරෙහි තිබූ තුවාලය තවත් පාරවමිනි.
මා හදෙහි ඇතිවූ කිසිවක් කීමට මා හට කිසි කෙනෙකු නැත. පන්තියේ කිසිදු මිතුරෙකුටද ඒ බව කීමට මා තුල කිසියම්හෝ කැමැත්තක් නොවීය. එයට ප්‍රධනම හේතුව වූයේ මෙවන් සිතුවිලි ඔවුනට තාම දැනී නොතිබීමයි. මේ පිලිඹඳ ඔවුනට කිවහොත් මා හට උසුලු විසුලු කරන බව නොඅනුමානය.
ඈ එයින් පිටවූ පසු මමද ආවෙමි. බඩු ලයිස්තුවේ තිබුනු යම් යම් අඩුම කුඩුම කිහිපයක් මිලදී ගැනීමට මට අමතක විය. එහෙත් එය මතක් වූයේ ගෙදරට අඩිය තියනවාත් සමගය. අම්මා මේ පිලිඹඳ දැනගත් විගස මා හට විසුමක් නොලැබෙන බව නොඅනුමානය. මොහොතකට පසු සිතූ පරිදිම ඇගේ කන්දොස්ගිරියාව තොරතෝන්චියක් නැතිව පටන් ගත්තේය. එහෙත් එය මට මිහිරි ගීතයක් විය. මන්ද නොසිතූ විරූ වේලාවක මාහට ඇගේ රුව දැකීමට හැකි වීමයි.
නත්තලද සතුටින් නිම විය. ඈ කෙරෙහි මාතුල වූ හැගීමද යම් යම් මොහොතක මුහුදේ රළ මෙන් පෙන නගිමින් උඩ පනින්නට විය.
එහෙත් මාහට වූයේ ඉතා විශාල ප්‍රශ්ණයකි. ඒ මා හට ඇති වූයේ ආදරයක්ද, නැත්නම් අනුකම්පාවක් හෝ ආකර්ශනයක්ද යන්නය.
රාත්‍රී කිහිපයක්ම ගෙවුනේ ඈ පිලිඹඳව සිහිනෙන් දැකීමේ ආශාවෙනි. එහෙත් මා හට කිසිදු හීනයක් නොපෙනුනේ සාමන්‍යන් මට සිහින නොපෙනන නිසවෙනි. එහෙත් දුකට හේතුව වූයේ නිවඩු කාලය අවසන් වන තෙක් මාහට ඇය නැවත කිසි දිනක නැවත හමු නොවූ නිසයි. 11 වන ශ්‍රේණියේ පළමු වාරය පටන් ගැනීමේ දිනය එලඹින. මාගේ හිතේ දැඩි අදිශ්ඨාන දෙකක් විය.
මා මේ පය තබනුයේ මාගේ ජීවිතයේ එක් කඩ ඉමක් වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දීමට තිබෙන වර්ෂයටය. එමෙන්ම මාගේ හදෙහි කොනක වූ ඈ දැකීම සඳහාද මා සිත තුල වූයේ දැඩි ආශාවකි. අලුත් පන්තියට ගමන් කල මා නව අවුරුද්දෙ වැඩ කටයුතු ආරම්භ කලේ සාමන්‍ය පෙල ඉතා විශිෂ්ට ලෙස සමත් වීමේ බලාපොරොත්තු ඇතිවය. පාසල අවසන් විය. ඉක්මනින් මා කාරය වෙත දිව ගියේ ඇය දැකීමට තිබූ මහත් ආශාවෙනි. ඇයගේ පාසල අසලට පැමිනියෙමි. එහෙත් ඇය එහි පෙනෙන්නට සිටියේ නැත. මට ඇති වූ දුක මේතකැයි කියා කීමට නොහැක. මා හට දැන් ඇය නොදැක සිටීම පවා ඉතා අසීරු කරුනක් වී තිබින. එලෙස දින කිහිපයක් ගතවිය.

දවසක් ගෙවී ගොස් සැන්දෑව ලගා විය. මනරම් වූ නිල්වන් අහසේ ගිනි බෝලයක්ව තිබූ ඉර අවරට ගොස් ඇත. රාත්‍රිය එලඹන්නට ඇත්තේ ඉතා සුලු මොහොතකි. අහස වලාකුලු වලින්ද බරව ඇත. වැහි ලිහිනියන්ගේ රාවය සිතට සතුටක් සමග බිහිසුනු බවක්ද එක්විය.

මා හට දිනය පිලිඹඳ පුනරවර්තනය විය. එම සන්ඳාවත් රාත්රියත් කුකුස සමඟ ගතවිය. මා තවම 10 වන ශ්රේණියේ ඉගණුම ලබන කුඩා කොල්ලෙකි. එහෙත් මෙම සිතුවිල්ල හදෙහි එබිකම් කිරීමට පටන් ගෙන ඇත.

මගෙහි වූ සුඩු ගව්මකින්ද ටයි පටියකින්ද හැඩ වූ හුරුබුහුටි සුරතල් කෙල්ලෙකි. කිසියම් හෝ දිනයක හමුවී ඇතයි දැනුනද මා හට පිලිඹඳ කිසිදු මතකයක් නැත. එහෙත් එය ඊලඟ දිනය ආරම්භ වනවාත් සමන්න්ඝ අතීතයට එක් විය.

පාන්දර නැගිටි මා මුහුනකට සෝදා පාසැල් ගියෙමි. පාසලේ වැඩ කටයුතු එදින උද්යොගිමත් ලෙස කල අතර වෙනද මෙන් කම්මැලි ගතියක් නොදැනුනි. දින කිහිපයක් එසේ ගෙවින.

මා හට හිතෙහි තිබුන කුකුසද පහව ගියේය. එහෙත් මා හට එදින සවස ඉතා සතුටු දිනක් විය.මා කාරයේ ඉදිරිපස අසුනේ සිටියෙමි. කාරය පැදවූයේ මාගේ පියා විසිනි. එදා දිනයේ මා දුටු යුවතියගේ පාසල අසල සිදුවූ රිය අනතුරක් නිසා කූභියෙක්ටවත් රින්ගිය නොහෙකි ලෙස සිරව තිබින. මාද වටපිට බලමින් හොඳ හෝදිසියෙන් සිටියෙමි.

මා ඇස් අදහාගත නොහෙකි විය. මා එදා දුටු යුවතිය පාරේ කොනකට වී ඇයගේ නිය කටෙහි ඔබගෙන බස් රථය එනතුරු බලා සිටිනීය.මා දෙස ඇසිපිය නොහෙල බලසිටින්නට විය. ඈද මා දෙස බල සිනහසුනෙ කුමක්දො මා සිතට කියමිනි.

ආදරය පිලිඹ්ඳ මීට පෙර කිසි දිනක නොදත් මාහට ලැබුනේ මව පියාගේ සහොදර සහොදරියන්ගේ ආදරය පමණි. එහෙත් මෙය ආදරයක්දැයි සිතීමට තරම් මා සිත මෝරා නොතිබින. එහෙත් නවකතා කෙටි කථවල වූ ආදර බස් මාගේ සිතට පීලියට අසුරු සෙනින් ගලා ආවේය. නැවත දෙස බලද්දීම කාරය ඉදිරියට ඇදුනේය. මා ගෙදරට පා තැබුවේ තවත් දිනයකදී මා හට දැකීමට හැකි වේවායි ප්රාර්ථනා කරමිනි. කෙරෙහි වූ ආකර්ශනය හෝ ඇගේ රූපය නිසාම නොවෙයි. මා හට මීට පෙර ඇයට වඩා ලස්සනයි කිවහැකි කෙලිලොල් වියේ තරුනියන් හමුවී ඇත. එහෙත් මා හට මෙවැනි දෙයක් මීට පෙර දැනී නොමැත.

හැගීම විස්තර කිරීමට නොහැක. එදින මුලු දවස පුරාම ගැන සිතමින් සිටි අතර පාසලේ ගේදර වැඩ කිසිවක් කිරීමට නොහැකි විය. කිසිවක්ද මතක් නොවිය. 10 වන ශ්රේණියේ අවසාන වාර විභාගයට අත්තේ තව දින කිහිපයකි. නිසා ඇතිවූ තිගැස්ම නිස මා හට පිලිඹ්ඳව මොහොතකට අමතක විය.

මාගේ මෙන්ම සියල්ලන්ගේම අනගතය රැඳි ඇත්තේ අධ්යාපනය තුලය. එම නිසදෝ මගේ හිතේ ඉගනීමට අති කැමැත්තද යම් මට්ටමක ඇත. විභාග දින එලඹුනේය. සාර්ථක ලෙස එයට මුහුන දුන්නෙමි. හොඳින් ලකුනුද ලබා ගත්තෙමි.

උදෙහි පිපුන මලක් මෙන් මගේ සිත මහත් සන්සුන් විය. පාසල් නිවාඩු කාලය එලඹින. නත්තල් සමය මා හට ඉතා විශේශ වූ නිවඩුවකි. මන්ද මාගේ අම්මා කතෝලික ආගමේ වූ නිසාය. එහෙත් මගෙ සිතට යම් කිසි බරක් නැවත ඇති විය. එය කිසිවෙකු හට කීමට නොහැක, එම හැඟීම මා හට සතුටක් මෙන්ම බයක්ද ගෙන දෙන්නක් විය. ඇගේ සිනසීමද, නියපොත්ත කටේ ගසගෙන ටයි පටියද පැලඳ ගෙන මා දෙස බලා සිටි ඇයගේ සියලු ඉරියව් ඇස් දෙක ඉදිරියේ මැවුනේ චිත්‍රපටයක් මෙනි.

අද නත්තලට පෙර දිනයි. ගෙදර සැරසිලි බඩු භාණ්ඩ ගෙන ඒමට පැවරුනේ මාහටයි.

මගේ පිය විසින් වාහනයේ යතුර මා හට දෙනු ලැබුයේ අවශ්‍ය කරන බඩු බාහිරදිය ලියූ තුන්ඩුවක්ද සමගිනි. ටවුමට නොගොස් ඊට පෙර තිබූ සුපිරි වෙලඳ සැලකට රියදුරා සමග මම ගියෙමි.

සිතෙහි එබිකම් කල ඈ මා නෙතු ගෙතුනේ අසුරු සැනකිනි. ඈ සමඟ ඇගේ මවද එම වෙලඳ සැල කර පැමින තිබුනේය.


සත්‍ය සොයා ගන්න අපි කවුරුත් කැමතියි. ඒත් ඒ සත්‍ය අපට අවාසිනම් අප කැමති නැත්නම් ඒක අසත්‍යයක් කියන්න කරුනු හොයනව එහෙම නැත්නම් ඒ සත්‍ය දිහා නොබල ඉන්නව. ඒත් හිත දන්නවා සත්‍ය මොකද්ද කියලා. හිත එහෙම නැතිනම්
හෘද සාක්ෂිය බලවත් වුනාම සත්‍ය දිහා නොබලන්න මිනිසුන් කරනදේවල් මනොවිද්‍යාවෙ සන්රක්ෂණ ප්‍රයෝග කියල හදුන්වනවා ඒ භියකරු සත්‍යයෙන් මනසට වන හානිය වලක්වන්න හිත ගන්න පුංචි උත්සාහයක්. උදාහරනයක් විදියට මිදි තිත්ත කතාව සන්රක්ෂණ ප්‍රයෝග වලින් එකක්
මගේ මේ උත්සහය ඒ වගෙ සන්රක්ෂණ ප්‍රයෝගයක්ද දන්නෙ නැහැ ජීවිත කලයෙදි මා දැකපු සත්‍ය ඒ අයුරින්ම ලියන්න කරන පුංචි උත්සහයක ආරම්භයක් පමනයි මේ.
මුදලට සියල්ල විකිනෙන අද කාලයේ ආදරයත් නොයෙක් නොයෙක් ප්‍රමානයෙන් නොයෙක් නොයෙක් ක්‍රම හා නානාප්‍රකාර නම් යොදා පාට තවරා ආදරය අන්දය යන තේමාව හංගා එහෙත් එය මුල්කරගෙන, ඉමක් නැතිව මිරිඟුව සොයා දුවන මුවන් සේ දුවන, මුලාවූ තාරුන්‍යයට විකිනේ. බොහෝ විට එය දැන් ව්‍යාපාරයක් බවට පත්ව හමාරය. එහෙත් ආදරය මාංජුවක් දමා ගැටගසා තැබිය නොහැක. මුදලට ගත් ආදරය පවතින්නේ කාසි අතේ ගැවසෙනතෙක් පමනි. එහෙයින් විකිනෙන ආදරයෙන ප්‍රවේසම් වන්න.


ඇයි සුද්දගෙ ඉංග්‍රීසි අපේ කලු සුද්දන්ට ලොකු වෙලා තියෙන්නෙ. ඒක සිංහලයගෙ අවුලක් වගේම , ඒක සුද්දගෙ හැකියාවක්.උන් අපිට කවල තියෙන්නෙ උගෙ පරදේශක්කාර කමයි. ඒක තවම අපේ කලු සුද්දන්ට දිරව ගන්න බැරුවයි තාමත් සිංහල වචනයක් දෙපැත්තට ඉංගිරීසි වචනයක් දාල බොහොම උජාරුවට කථා කරන්නෙ. හුඟක් වෙලාවට උන්ට භාශා දෙකෙන් එකක්වත් හරියට බෑ. අපේ සමහරු කියපි මට සිංහල වැඩිය බෑනෙ. මෙහෙමත් ලැජ්ඡ නැති කමක්. මොනව උනත් මේවගේ හිතට කථා කරන්න පුලුවන් භාෂාවක් නෑ...

ලෝකයේ ලබාගැනීමට අසීරුම දෙය සුපිරිසිදු ආදරයයි. විටක සමහරෙක්ට සුන්දරමදෙය ආදරය වනවිට තවත් අයෙකුට එය විඳවීමේ මූලය විය හැක. කෙනෙකුගෙන් ඈත් වෙනවානම් ආපසු හැරී නොබලන්න. මන්ද දුක දැනෙන්නේ තනි වන කෙනාට මිස දාලයන කෙනාට නොවෙයි. එහෙත් තමා ලඟ ඉතිරි වෙන්නේ ඇත්තටම අපට ආදරය කරන අයයි. ඔව්න් සමඟ සතුටින් සිටින්න. ඒ දැනෙන සතුට සුපිරිසිදු ආදරයයි.